ඩෙංගු අධිවසංගත තත්ත්වයක් !

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් !

ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  පවසයි.

මේ අතර දිනකට IDH රෝහලට රෝගීන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න  පැවසුවේ, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් රෝගීන් 18,420 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එම ඒකකය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අද(26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

එහි ලේකම් රංජිත් අශෝක  සඳහන් කළේ, ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න