පියාණන්ගේ නාමයෙන් රටේ ලොකු පුටුවට වෙහෙස වෙන පුත්‍රයෙක් මේ වෙද්දි ලොකූ ප්ලෑනක් අඳිනවලු ඊළඟ බලය අල්ලන්න. එයා එකපාරකුත් ඉල්ලලා වැඩේ අවුල් වුණු නිසා මේ පාර ඉල්ලලා දිනන්නමලු ඉන්නෙ. ඒත් එහෙම හිටිය කෙනා හදිසියෙම 2030 සම්බන්ධව ප්ලෑන් එකකුත් අඳින්න අරන්ලු.
එයා කියන්නේ එයාට තවම වයස තියෙන නිසා මේ පාර වැඩිය දඟලන්නේ නැතුව ඉන්නවා කියලා. දැනට ඉන්න ලොකු තැනට තව චාන්ස් එකක් එන බව දැනුණොත් එයා මේ ප්ලෑන් බී හෙවත් 2030 සටනටලු වැඩේ කරන්න ගන්නෙ.
පුළුවන් තරම් එයා පොදු අපේක්ෂකයා වෙන්නලු හදන්නෙ. එහෙම බැරිවුණොත් එයා ඉවසලා ඉන්නවා කියලයි කියන්නේ වෙලාව එනකල්. මොකද උන්නැහේගෙ රාජයෝගය වැඩ කරන විදියට ඡන්දෙට සැට් වෙන්නලු කල්පනා කරන්නෙ.
deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
