රෝහල් කිහිපයක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මෙම නිර්වින්දන බෙහෙත් ගැටලුව මතුව ඇත්තේ රෝහල් දෙකක පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එහිදී කියා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය .
“මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී සමහර අවස්ථාවල අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා. මම අධිකරණ අමාත්‍යවරයා සමඟත් ඒ ගැන කතා කළා. ඒක එක හේතුවක්. අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා. මොකද මම තීන්දු කරලා තිබෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම අපිට භාරගන්න වෙනවා. අද දවස තුළ මේ ගැන අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් සමඟ.”
රාජිත තැබූ ෆේස්බුක් සටහන !
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
