බැංකු පොලී අනුපාත තීරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතය 2% කින් පහළ දමා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05) පැවැත්වූ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව මහ බැංකුව, බැංකු වෙත ලබා දෙන ණය වෙනුවෙන් අය කරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) 14% සිට 12% දක්වා පහළ යනු ඇත.
මහ බැංකුව බැංකුවල තැන්පතු සඳහා ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 13% සිට 11% දක්වා පහළ දමා තිබේ.
ඊට සමගාමීව ඉදිරියේදී බැංකුවල ණය අනුපාතික හා තැන්පතු අනුපාතික ද පහළ යනු ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
මෙලෙස සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමීමට හේතුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පුරෝකථනය කළ මට්ටමටත් වඩා බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වීම බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
