බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක් ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවය.
පාරිභෝගික කටයුතු අධිකාරිය සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
