බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ දුබුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කර තිබුණි.
පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.
මේ අතර, ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට මුදා හැරීමට ද මේ වනවිට අවසර ලබා දී ඇති අතර ඒ තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරී මිලක් තීරණය වීමට ඉඩ හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
