තර්ජන සහ බලපෑම් නිසා SIU ලොක්කා රට හැර යයි !

තර්ජන සහ බලපෑම්  නිසා SIU ලොක්කා රට හැර යයි !

පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර යාම සඳහා ප්‍රබල විදේශීය රටකින් වීසා ලබාගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

විශේෂ විමර්ශන අංශ අධ්‍යක්ෂවරයා තමන්ට එල්ල වී ඇති තර්ජන හා බලපෑම් නිසා පසුගියදා මෙතෙක් තමන් දැරූ පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ තනතුරින් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවක්ද ලබාගෙන ඇත.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය අනුව ඔහු අද හෙටම සියලු තනතුරුවලින් ඉවත්ව විදේශගත වනු ඇති බව ප්‍රබල මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙක් දේශයට පැවසීය.

පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු වන වික්‍රමසිංහ මහතා රට හැර යාමට තුඩු දුන් සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවද මේ ගැන දේශයට කරුණු දැක්වූ මානව හිමිකම් සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කළේය.

  • deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න