ඇණහිටිණු ජපන් ව්‍යාපෘති යළි ඇරඹීමේ තීන්දුවක් !

ඇණහිටිණු ජපන් ව්‍යාපෘති යළි ඇරඹීමේ තීන්දුවක් !

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi)  සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහතා අද (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවිය.

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ අත්වන අන්දමින් යළි කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් අදාළ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230731 WA0012

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න