උමාරා සමාව අයැදියි

උමාරා සමාව අයැදියි

වර්ෂ 2023 ජූනි මස 20 වන දින පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ සමාරම්භක උත්සවයේ දී තම ගායනාව නිසා පීඩාවට පත්වූවන් ගෙන් සමාව අයැද සිටින බව ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරා සිංහවංශ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම උත්සවයේ දී තමා විසින් ජාතික ගීය ගායනා කරද්දි සමහර වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව තම අවධානයට ලක්වී ඇතැයි ඇය සිය නිවේදනය මගින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

'' මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගා සිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධාකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණය කටයුතු කර ඇති බවයි.

ජාතික ගීයේ වචන විකෘති කිරීමකට හෝ කිසිදු ආකාරයකට වැරැදි අර්ථකථනයක් සැපයීමට මා කිසි විටෙකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ. සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනෙකුට මාගේ හෘදයාංගම අවංක සමාව අයදිමි.''

umariya 10000px 8 2 23

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න