සුළඟින් මෙගා වොට් 15ක් ජාතික පද්ධතියට

සුළඟින් මෙගා වොට් 15ක් ජාතික පද්ධතියට

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇති බව වාර්තා වේ.

වින්ඩ්ෆෝස් හා හිරුරැස් පවර් දායකත්වයෙන් (Sri Lanka,as the Hiruras Power(Pvt) Ltd Wind Power Project) ටර්බයින් 06කින් මෙම මෙගාවොඩ් 15 මෙසේ ජාතික පද්ධතියට එක් කර ඇත.

මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර, විදුලි බිල වැඩීවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය  අදහස් පළ කරමින් පවසා සිටියේ, විදුලිබිල නැවත වරක් වැඩිකිරීම තමන්ට ද ගැටලුවක් බවය.

"අපි දීර්ඝකාලීන විසඳුම්වලට යන්න ඕනේ. අපි විදුලිය වැඩිකරන එක නෙමෙයි තිබෙන්නේ නිෂ්පාදන වියදම කොහොමද අඩුකරන්නේ කියලා අපි බලන්න ඕනේ. අපි පුළුවන් තරම් සෝලා, සුළං වගේ දේවල්වලට ගිහින් නිෂ්පාදන වියදම අඩුකරගත යුතුයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න