සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඊයේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබාදීමට තීරණය වූ බවය.
කෙසේ වුවත් පසුගිය සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක විසින් අදාළ විශ්වාස භංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීමට දින නියම කරගන්න උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබ නියෝජිතයන් ඒ සඳහා පසුබට වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
