IMF සැප්තැම්බර් සමාලෝචනයට දින දෙයි : ඊට පස්සේ මොකද වෙන්නේ ?

IMF සැප්තැම්බර් සමාලෝචනයට දින දෙයි : ඊට පස්සේ මොකද වෙන්නේ ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මස 11 වනදා ආරම්භ කර දින 8ක් තිස්සේ එනම් සැප්තැම්බර් 19 වනදා දක්වා සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම කටයුත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යවරයා සම්බන්ධවී සිදුකරන්නක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ඔහු පවසන ආකාරයට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව ලැබෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසයි .

"IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්.

"අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා."

"අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න