හම්බන්තොට නිර්වින්දන ඩොකා නොකියාම පැනලා !

හම්බන්තොට නිර්වින්දන ඩොකා නොකියාම පැනලා !

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගතව ඇති බව හම්බන්තොට මහ රෝහලේ ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් තිබෙන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) වනදා උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.

රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුතු බවත් නැත්නම් එම කටයුතු සියල්ල අඩපණ වන බවය.

ඒ අනුව මේ වන විට නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති බැවින් රෝහල් කාර්‍ය මණ්ඩලය බරපතළ දුෂ්කරතාවකට පත්ව ඇති අතර රෝගී ජීවිතද යම් අවධානමකට ලක්ව ඇති බවත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න