දේශීය ණය ප්‍රශස්තකරණය ගැන මහ බැංකුවෙන් තවත් නිවේදනයක් !

දේශීය ණය ප්‍රශස්තකරණය ගැන මහ බැංකුවෙන් තවත් නිවේදනයක් !

දේශිය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම ඊයේ සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කර සිටියි.

ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව විචල්‍ය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 05ක් ලෙස පරිවර්තනය කර මෙම පියවීම සිදුකර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න