ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  2023 ලොව 'ඒ' ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ.

නිව්යෝර්ක් මූලික කරගත් "ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව" විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ එලෙස 'ඒ' ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් "ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව" 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි.

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව 'ඒ' ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස්ටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න