ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ' උතුරු පොල් ත්‍රිකෝණය ' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.
ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව " උතුරට කප්රුක - උතුරු පොල් ත්‍රිකෝණය " යන තේමාවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ඇතුලත් වන පරිදි යාපනය , මුලතිව් , මන්නාරම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගෙන මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කෙරිණි.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කීවෙි ඉදිරි වසර පහ ඇතුලත මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
