මෛත්‍රී -රනිල් දුන්න පොරොන්දුවක් ගැන : සුමන්තිරන් කතා කරයි

මෛත්‍රී -රනිල් දුන්න පොරොන්දුවක් ගැන : සුමන්තිරන් කතා කරයි

යෝජිත කැබිනට් සංශෝධනයෙන් පසුව දෙමල ජනතාවගේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවූ බවත් කැබිනට් සංශෝධනය අවසන් වන තුරු තමන් බලාසිටින්නේ ඒ වෙනුවෙන් බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

යාපනයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මේ බව පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දමිල ජනතාව දායකත්වය ලබාදුන් බවත් එසේම ආණ්ඩුව දමිල ජනතාවගේ ප්‍රශ්නය විසඳනු ඇති බවට බලාපොරොත්තුවක් තිබූ නමුත් මේ වන තුරු ආණ්ඩුව ඒ සඳහා මැදිහත්ව නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රජය සමඟ එකඟවීමෙන් තොරව හෝ දෙමල ජනතාවගේ ගැටළුව විසඳා ගැනීම සඳහා ඉදිරයට යාමට සුදානම් බව 2015 ට පෙර තෛපොංගල් දින  පැවති පක්ෂ මහ සමුළුවේදී ගනුලැබූ තීරණය පවා කල්දමා බලාසිටියේ මේ ආණ්ඩුව එය ඉටුකාරාවිය යන විශ්වාසයෙන් වුවත් දැන් එම බලාසිටීමේ කාලය ඕනවාටත් වඩා ඉක්ම ගොස් තිබෙන බවද ඔහු පවසයි.

මේ ආකාරයට තවදුරටත් දමිල ජනතාවගේ ප්‍රශ්නය නොසළකා ආණ්ඩුව කටයුතු කළහොත් පවතින එකඟතාව ආණ්ඩුව සමඟ පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න