නීතිඥ වෘත්තියේ සහ අධිකරණයේ පවතින දුෂණ හා නීතිඥ සංගමය ඒ පිළිබඳව මුනිවත රැකීම සම්බන්ධව 2018 අප්‍රේල් මස 10 වන ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවති වැඩසටහනට එරෙහිව බලල් අතක් පාවිච්චි කර පදනම් විරහිත චෝදනා නැගීමෙන් වැලකී, කශේරුකාවක් ඇත්නම් විවාදයට එන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
සිය facebook ගිණුමේ මෙන්ම නිවේදනයක්ද නිකුත් කරමින් ඔහු මෙම අභියෝගය ඉදිරිපත් කරන අතර විවාදයට පැමිණ නීතිඥ නාගානන්දට සෘජුවම චෝදනා එල්ල කරන ලෙසද එහි සඳහන්කර ඇත.
එසේම අදාළ විවාදය 2018 මැයි මස 04 වනදා පස්වරු 4.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවත් මෙම විවාදයට සහභාගිවීම සඳහා නීතීඥ නාගානන්ද එංගලන්තයේ සිට නිශ්චිතවම පැමිණෙන බවද එහි සඳහන්ව ඇත.
එම නිවේදනය පහත දැක්වේ.


