පාර්ලිමේන්තුව කැඳවන : ජනාධිපතිගේ දෙවන ගැසට් එකෙත් හිලක්

පාර්ලිමේන්තුව කැඳවන : ජනාධිපතිගේ දෙවන ගැසට් එකෙත් හිලක්

පාර්ලිමේන්තුව මැයි 8 වනදා නැවත කැඳවීමට නියෝගය සඳහන් දෙවන ගැසට් නිවේදනයේද දෝෂයක් පවතින බැවින් ඒ සඳහා තුන්වන ගැසට් නිවේදනයක්ද නිකුත් කරන්නට සිදුව ඇති බව වාර්තා වෙයි.

මීටපෙර නිකුත් කළ පළමු ගැසට් නිවේදනයේද දෝෂයක් පැවති අතර ඒ 8 වනදා පාර්ලිමේන්තුව නැවත කැඳවන බව සඳහන්ව තිබු නමුත් එහි වෙලාවක් සඳහන්ව නොතිබීමය.

ඒ අනුව මැයි 8 වනදා පස්වරු 2.15 ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන බව සඳහන් කරමින් දෙවන ගැසට් නිවේදනයක් නිකුත් කළත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ දෙවන ගැසට් නිවේදනයේ 70වන ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු සැසිවාරය කැඳවන බව සඳහන්වීම දෝෂයක් බවය.
 

ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ එම අනු වගන්තිය පහත දැක්වේ.

image 465c7f05ce

දෙවන ගැසට් නිවේදනය 

පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ දෝෂය සම්බන්ධව මේ වන විට ජනාධිපති කාර්යාලය දැනුවත්කොට ඇති බවත් ඉතා කඩිනමින් තුන්වන ගැසට් නිවේදනය නිවැරදිව නිකුත් කරනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න