බ්‍රිතාන්‍යයේ සම්මානයට පාත්‍ර වූ පුෂ්පා රම්‍යා ද සොයිසා දිවයිනට

බ්‍රිතාන්‍යයේ සම්මානයට පාත්‍ර වූ පුෂ්පා රම්‍යා ද සොයිසා දිවයිනට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ” ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය , කාළය , ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යා මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළාය .

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව , ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක් බව ද පුෂ්පා රම්‍යා මෙනෙවිය ප්‍රකාශ කළාය .

එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන සිය අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000 ක් අවශ්‍ය වුවද , දැනට සිටින්නේ 38,000 ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසුවාය.

20230922 093333 1536x864

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න