කුකුළු මස් මිල තවත් පහළට !

කුකුළු මස් මිල තවත් පහළට !

මේ වන විට රුපියල් 1150ක් පමණ වන කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (22) සඳහන් කළේය .

කුකුළු මල් නිෂ්පාදකයන් එම සහනය ජනතාවට නොදුන හොත් කුකුළු මල් ආනයනය කර හෝ පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවත් කුකුළු මස් කිලෝවක් රුපියල් 850 ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ සුපිරි වෙළෙඳසැල් කුකුළු මස් අළෙවියෙන් විශාල ලාභයක් ලබන බවත් එම වෙළෙඳසැල්වල ද කුකුළු මස් මිල අඩු කරන ලෙස දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කළ බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න