ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති බවයි.

මෙලෙස නායයෑම් අනතුරු දීර්ඝ කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට, බුලත්සිංහල හා අගලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ යන ප්‍රදේශ සඳහායි.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, ඉඹුල්පේ, කොලොන්න යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න