ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නේ නෑ : බැසිල් දැඩි ස්ථාවරයක !

ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නේ නෑ : බැසිල් දැඩි ස්ථාවරයක !

තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි .

තමන් මීට පෙර ද එම ස්ථාවරයේ සිටි බවත් දැනටත් සිටින්නේද එම ස්ථාවරයේම බවත් ඔහු සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් තීන්දු කර නැති බවත් පවසන ඔහු දැන් ඇත්තේ වැසි වැටුනොත් ගඟ පිරෙයි වැනි තත්ත්වයක් බවද කියා සිටියි.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි යන මතය පක්ෂය තුළ ප්‍රබල ව නැගී එන බවද පවසන ඔහු එසේ නැතිව අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නැති බවද සඳහන් කර සිටියි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න