මාලදිවයිනේ නව ජනාධිපතිට ජනාධිපති රනිල්ගෙන් ඇමතුමක් !

මාලදිවයිනේ නව ජනාධිපතිට ජනාධිපති රනිල්ගෙන් ඇමතුමක් !

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ උණුසුම් සුබපැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මොහොමඩ් මුයිසු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස තම සුබපැතුම් පළ කළේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.

එසේම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එහිදී නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මාලදිවයින රජයට සහ එරට සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන පළ කරන බවද සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න