පරිස්සමෙන් පාරේ යන්න : පොලිසිය දන්වයි !

පරිස්සමෙන් පාරේ යන්න : පොලිසිය දන්වයි !

මෙම වසරේ ගතවූ මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී ය.

සිදුවූ අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී අතර එම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම සංඛ්‍යාව 540ක් බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය .

" රිය අනතුරුවලින් වැඩිම මියගිය පිරිස පදිකයින් නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලයි . සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසාත් අනතුරු සිදුවී තිබෙනවා.

ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න