සජබ සභාපති SF : ජනපතිව ඉහළටම ඔසවා තබයි !

සජබ සභාපති SF : ජනපතිව ඉහළටම ඔසවා තබයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින්ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය හැකි පුරවැසියෙකු නොවන බවත් ඔහු පවසයි.

සමගි ජනබලවේගය පක්ෂයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවය.

සජබ ඇතුලේ තරගයක් !

කෙසේ වුවත් මේ වන විට විපක්ෂයේ පාර්ශ්ව අතර ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රබල තරගයක් මතුව තිබේ.

එහි විශේෂත්වය වන්නේ ද සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයේ , එහි නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ද එම තරගය පැවතීමයි.

මේ වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා ගේ මුහුණ නොබලන තැනට මේ " වෙන්ඩ ජනාධිපති ":තරගය ඔඩුදුවා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න