ගෝඨා ගෙනඒමේ සහ ජවිපෙ බලය ඉල්ලීමේ වෙනසක් නෑ - ආශු

ගෝඨා ගෙනඒමේ  සහ ජවිපෙ බලය ඉල්ලීමේ වෙනසක් නෑ - ආශු

ජනතා විමුක්ති පෙරමුණ රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්න බවත් ඒ ආකාරයට අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැති බවත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශු මාරසිංහ පවසයි .

රටට දැන් පරිණත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැති බවත් පරිණත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු වී තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ය.

ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැති බවද ආශු මාරසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න