අයවැයෙන් වැටුප් වැඩිවීමක් : ජනපති කැබිනට්ටුව දැනුවත් කරයි !

අයවැයෙන් වැටුප් වැඩිවීමක් : ජනපති කැබිනට්ටුව දැනුවත් කරයි !

නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) අමාත්‍ය මණ්ඩලය අමතා පැවසූ බව වාර්තා වෙයි .

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් බව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න