ආසයි බයයි තියරිය ආයෙත් : සජබ ෆොනීට එරෙහි විනය ක්‍රියාමාර්ග හකුළාගනියි !

ආසයි බයයි තියරිය ආයෙත් : සජබ ෆොනීට එරෙහි විනය ක්‍රියාමාර්ග හකුළාගනියි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන්ටද අදහසක් ඇති බවට සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගෙන තිබූ තීරණය සංශෝධනය වී තිබේ.

ඒ බව සඳහන් කරමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ .

එහිදී ඔහු පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බවය.

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා  පිළිබඳ පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් ප්‍රතාචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත .

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්ථා පිලිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහු මුන ගැසී සාකච්ඡා කළ බවත් යම් යම් සීමා ඔස්සේ කටයුතු කිරිමේ එකඟතාවයකට එහිදී පැමිණි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පක්ෂයේ ස්ථාවරයට පටහැනි ලෙස ක්‍රියාකිරීම හේතුවෙන් විනය පියවර ගැනීමට නියමිත බව ප්‍රචාරය වූයේ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා බවයි.

ඕනම පක්ෂයක් විසින් ඒ ආකාරයට නිල නොවන ලෙස මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේ උපක්‍රමයක් අනුගමනය කරන බවත් , එම පුවත් දේශපාලන ආරංචි මාර්ග ලෙස හෝ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළ බවක් දක්වමින් මාධ්‍යවල දේශපාලන පුවත් ප්‍රචාරය වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ ආකාරයට අදාළ පුවත බොහෝ දේශපාලන ගොසිප් පළකරන මාධ්‍ය තුළ පළවූ බවක් නිරීක්ෂණය කරන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සජබ විසින් ගැනීමට ගිය තීන්දුවක් ආපසු හැරවූ බවක් මේ හරහා හැඟීයන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න