දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට හෙටින් (06) ඇරඹෙන සතියේ කැඳවීමට නියමිත බව වාර්තා වෙයි .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවෙන ආයතනයන් වෙයි.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට හෙට (06) කැඳවා ඇත.
ශ්‍රී ලංකා පමිති ආයතනය කෝප් කමිටුව හමුවට අනිද්දා (7) කැඳවා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන( 8) වනදාය .
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා ) අනිද්දා (8) කැඳවීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (6) සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
