බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිව ඇති බව වාර්තා වෙයි.
ඒ ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇත
දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව අස්ථි බිඳීමක් සිදුව ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව 11 වනදා පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඔහුට අහිමිවනු ඇත.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පන්දු 65කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
