ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (20) පස්වරුවේ පැවසීය.
එම සීනි ලංකා සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා අළෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .
අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට සීනි හිඟය නැති කිරීම සහ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය වෙළෙඳපොලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ .
ඒ අනුව අදාළ සීනි තොග අද සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් ගන්නා බවත් ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වන විට ගණනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එම වැඩපිළිවෙළ සමඟ පාලන මිල අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා රුපියල් 50 ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බව ද සඳහන් කළේය.
කෙසේ වුවත් අද සීනි ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී සීනි පාලන මිල ඉවත් කිරීමට අමාත්‍යංශය එකඟතාව පළකර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
