2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී අයවැය වැඩි ජන්ද 45කින් සම්මත විය.
අයවැය ට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද ප්‍රකාශ වූයේ 77ක් පමණි.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
