සීනි බදු වංචාව ගැන සාධාරණ සමාජයෙන් නිවේදනයක් !

සීනි බදු වංචාව ගැන සාධාරණ සමාජයෙන් නිවේදනයක් !

සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත් බව පවසන සුනිල් ජයසේකර, ඒ ගැන තම සංවිධානය සතුටු වන බවද කියා සිටියි.

එහෙත් ඒ වන විටත් ගබඩා පර්යන්ත තුළ තිබු විශාල සීනි තොග පිට වී ඇති බවට තම සංවිධානයට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව එම නිවේදනයේ සන්ධාන වේ.

එමෙන් ම පසුව තීරණය වෙනස් කල ද මුලින් ගනු ලැබු තීරණය මඟින් මහජනතාවට දරන්නට සිදු වූ පීඩාවන් සැළකීමේදී ඒ පිළිබඳව තම සංවිධානය බලවත් ලෙස කණගාටු වන බවද සුනිල් ජයසේකර සිය නිවේදනය මගින් කියා සිටියි.

මෙයට පෙර අවස්ථාවක දී එක්වරම සීනි බදු අවම කිරීමට ගන්නා ලද තීරණය හේතුවෙන් රුපියල් බිලියන 16ක් පමණ වූ දැවැන්ත වංචාවක් සිදු වී ඇති ආකාරය පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා දෙකකදී හා විගණකාධිපති වාර්තාව මඟින් ද පැහැදිලිවම හෙළිදරව් වී ඇති පවසන සුනිල් ජයසේකර, එහෙත් ඒ ගැන මේ දක්වාම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කියා සිටියි.

එයට අමතරව සීනි, පිටි හා එවැනි අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනයේදී ද විශාල වංචා සිදුව ඇති බව මේ වන විට ඉතා පැහැදිලි බවද සුනිල් ජයසේකර පවසයි.

''මෙවැනි අයථා සිදුවීම්වලට එරෙහිව පසුගිය කාලය පුරාම අප බලවත් හඬක් නගනු ලැබූවේ ඉතාමත් සත්භාවයෙනි. එමෙන් ම අප තවදුරටත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් කිසි දිනෙක සිදු නොවීමට සියළුම බලධාරීන්ගේ වගකිම වන බවය. එමෙන් ම එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට නම් මෑත භාගයේදී එවැනි වංචාවන්ට හවුල් වී ඇති සියළුම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඩුවම් දීම අනිවාර්ය වන බවද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.'' යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න