ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි.
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක කරුණු ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම හෙට දින තෙක් කල් තැබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
