කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්

කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche පවසයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අඛණ්ඩවම ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche  ප්‍රකාශ කළේය.

අද (23) පෙරවරුවේ ඒ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි ඉළක්ක පිළිබඳව සාකච්ඡා කළේය. 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් විශාල සහයෝගයක් ලබා දුන් බව සඳහන් කළේය.

මෙම ආධාර නිසා ගොවි ජනතාවට විශාල පහසුවක් වූ බවත් ඒ සම්බන්දව කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානයට මෙන්ම ඊට අනුබද්ධ ආයතනවලට රජය වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා තම සංවිධානයේ මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

විශේෂයෙන් කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න