පන්නන්න පෙර ජනාධිපති අහපු ප්‍රශ්න 2කට රොෂාන් නිරුත්තර වෙලා !

පන්නන්න පෙර  ජනාධිපති අහපු ප්‍රශ්න 2කට රොෂාන් නිරුත්තර වෙලා !

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පෙර අද (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අමාත්‍ය මණ්ඩල හමුවට කැදවා ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී අදාළ ප්‍රශ්න දෙක සඳහා ම පිළිතුරු ලබාදීමට නොහැකිව හිටපු අමාත්‍යවරයා නිරුත්තරව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පළමු ප්‍රශ්නය ලෙස ජනාධිපතිවරයා විමසා ඇත්තේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී, ඒ නොතකා ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ කාර්යාලය වෙත ගොස් විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නය.

දෙවැනි ප්‍රශ්නය වන්නේ මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කටයුතු කිරීම ගැටළුවක් බවයි.

නමුත් මේ ප්‍රශ්න දෙක සඳහා පිළිතුරු ලබාදීමට හිටපු අමාත්‍යවරයා සමත්ව නොමැති බවත් ඒ අනුව අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා ධූරයෙන් ඉවත් කළ අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ ඉතිහාසයට එක්ව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න