වැට් විවාදයට ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව රැස්වෙයි !

වැට් විවාදයට ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව රැස්වෙයි !

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එළඹෙන දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5)හිමිව තිබේ.

ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා දින රැස් කිරීමට හැකියාව නොමැති අතර එසේ රැස්වීමක් සිදුකෙරෙනවා නම් ස්ථාවර නියෝග අත්හිට විය යුතුව තිබේ.

ඒ අනුව මෙම විවාදය වෙනුවෙන් සභාව එදින රැස් කිරීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමටද පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමිවූ අතර එසේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඊයේ (04) ඉදිරිපත් කරනු ලැබීය.

මේ අනුව පාර්ලිමේන්තුව එදින උදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න