පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී මන්ත්‍රීවරයා වෙත භාරදී තිබේ.
කඳුරට දමිළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ.
එසේම බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ එම දිස්ත්‍රික්කයන්හි වතු කම්කරු ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීම, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සුරක්ෂිතභාවය සහ ප්‍රවර්ධනය මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටළු සොයා බැලීම ද ඔහු වෙත පැවරී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
