පොලිස් නිලධාරින්ට උසස්වීම් හා ස්ථාන මාරු

පොලිස් නිලධාරින්ට උසස්වීම් හා ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.

රත්තපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න  ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇත.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ  කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇත.

බඳවා ගැනීම් හා පුහුණු දිසාන භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි  විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල කුරුණෑගල දිසාව භාරවත් පත්කර යවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණය දිසාව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව  නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර ඇත.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. පුෂ්පකුමාර  දුක් ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ සිට බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී ද සිල්වා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊට අමතරව කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී කුමාරී  පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත.

තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 08 දෙනෙකු පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හටද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න