රවීට යළි ඇමතිකමක් දෙන්න ජනපති එකඟවෙලා !

රවීට යළි ඇමතිකමක් දෙන්න ජනපති එකඟවෙලා !

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදහස්වීමට නියමිත බවත්, ඒ අනුව ඔහුට නැවත ඇමතිධූරයක් ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් සිය කැමැත්ත පළකර ඇති බවත් 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.

ඒ අනුව අයවැය අවසන් වූ වහාම රවී කරුණානායක මහතා නැවතත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

එම වෙබ් පුවතේ වැඩි දුරටත් මෙසේද දැක්වේ.

''අදාල වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ වාර්තාව ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත වේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එවකට මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා ද වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන්ම රවී කරුණානායක මහතාට මුදල් ඇමතිධූරය හා ඉන්පසු විදේශ කටයුතු ඇමතිධූරයද අත්හැරීමට සිදුවිය.

කෙසේ වෙතත් වාර්තාව මගින් තහවුරු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හෝ රවි කරුණානායක මහතා බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නොවන බවයි.

එජාප ඇතුලෙන් කුමන්ත්‍රණයක්:

 මේ අතර රවී කරුණානායක මහතා නැවත ඇමතිවරයෙකු ලෙස දිවුරුම්දීමට එරෙහිව එජාපය ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන අතර එහි unp logoපිටුපස එජාප ප්‍රබලයන් වන මලික් සමරවික්‍රම සහ දයා ගමගේ යන අමාත්‍යවරුන් සිටින බවයි වාර්තා වේ.

පසුගියදා ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේ සංචාරයටද එක්වූ අතර සංචාරය අතරතුරදී රවී නැවත කැබිනට් මණ්ඩලයට පත්කිරීමට එරෙහිව ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නොමැති අතර ඉදිරියේදී අනිවාර්යෙන් රවී කරුණානායක මහතා කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් දිවුරුම් දෙනු ඇත.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න