යුක්තිය මෙහෙයුම ගැන පොලිසිය තීන්දුවක් අරගෙන !

යුක්තිය මෙහෙයුම ගැන පොලිසිය තීන්දුවක් අරගෙන !

යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළ යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන ආකාරයට නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් ආරක්ෂක සහ රථ වාහන කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් යම් ප්‍රමාණයක අඩුවීමක් පවතී.

ඒ හැර යුක්තිය මෙහෙයුම නවතා දමා නොමැති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ලබාදෙන තොරතුරු අනුව ක්‍රියාත්මක වන බව ද ඔහු පවසයි .

මෙහෙයුම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් පදිංචි ස්ථානය වෙනස් කර ජාවාරම්වල නිරත වන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කර සිටියි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න