කොවිඩ් 19 නව උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් !

කොවිඩ් 19 නව උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් !

කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN1 හේතුවෙන් මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

සංවෘත වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම විශාල ලෙස අවම කර ගත හැකි බව ද එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.

එසේම අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්, ගර්භනී මවුවරුන් ශ්වසන රෝගවලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින් ඔවුන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බවත් නිවේදනයේ සඳහන් ය.

health132

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න