රාජ්‍ය සේවයේ නිවාඩු කප්පාදුවටත් වෘත්තීය සමිති විරුද්ධයි !

රාජ්‍ය සේවයේ නිවාඩු කප්පාදුවටත් වෘත්තීය සමිති විරුද්ධයි !

රාජ්‍ය සේවයේ ගැටළු විසඳීම වෙනුවට, රාජ්‍ය සේවකයන්ගේ දැනට පවතින නිවාඩු ගණන වසරකට 25 ක් දක්වා කප්පාදු කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පලකරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර ඊට අදාළ තම විරෝධය පලකර මෙසේද අදහස් දක්වා ඇත.

“රාජ්‍ය සේවකයන්ට වර්තමානයේ ගැටලු රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පොදු මහජනතාවට වගේම විශාල බදුබරක් දරන්න වෙලා තියෙනවා. 2016 පසුව රාජ්‍ය සේවයට එන අයගේ විශ්‍රාම වැටුප් හිමිකම කප්පාදු කරලා. අද වෙනකොට පවතින ජීවන වියදමට සරිලන වැටුපක් රාජ්‍ය සේවකයාට නෑ. ඔවුන්ගේ අවුරුද්දකට වැඩිවෙන වැටුප් වර්ධකයක අගය රුපියල් 350 ක් 400 මුදලක් වෙන්නේ. දේපළ ණය නවත්තලා. වැන්දඹු අනත්දරු කපාගැනීම් ප්‍රමාණය ඉහල දාලා. පෙර විභාග පවත්වා ලබාදුන් ශ්‍රේණි උසස්වීම් ඉවත් කරලා තියෙනවා. මේ වගේ ගැටලු විසදන්න කිසිදු සාධනීය වැඩපිළිවෙළක් නෑ. ඒත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කරලා රට හදන්න යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒකට අපගේ විරෝධය පලකරනවා”.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න