කෙහෙලියගෙන් ප්‍රකාශයක් අරගෙන : ස්වාධීනවලු දුන්නේ !

කෙහෙලියගෙන් ප්‍රකාශයක් අරගෙන : ස්වාධීනවලු දුන්නේ !

රට තුළ පසුගිය සමයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් අද (26) පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන වඩාත් විධිමත් කිරීම සඳහා තමන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් බවය.

අදාළ සිද්ධියට සම්බන්ධව අමාත්‍යවරයා සතුව තිබූ ලිඛිත සහ අනෙකුත් සාක්ෂි විමර්ශනවල පහසුව සඳහා අවශ්‍ය බවට හැඟීගිය හෙයින් මෙලෙස විමර්ශන නිලධාරීන් වෙත ඒවා ලබාදීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න