8 වනදා ගැන කතා කරන්න : පක්ෂ නායක රැස්වීමක් අද

8 වනදා ගැන කතා කරන්න : පක්ෂ නායක රැස්වීමක් අද

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (03) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී මැයි 8 වනදාට යෝජිත නව පාර්ලිමේන්තු සැසිවාරය සහ න්‍යාය පුස්තකය සකස්කිරීම  ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව අවධානය යොමුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු සඳහන් කර සිටියේ අදාළ රැස්වීමේදී විපක්ෂ නායක ධුරය මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධව ද තම පාර්ශවය අවධානයෙන් සිටින බවයි.

එසේම කෝප් කමිටුව ඇතුළු අනු කාරකසභා කිහිපයක පත්වීම් අලුතෙන් සිදුකිරීමට නියමිත බවත් ඒවා තුළ තම පාර්ශවයේ නියෝජනය තහවුරු කර ගැනීම සම්බන්ධවද විශේෂ අවධානයක් යොමු කරන බවද ඔහු අන්දහන් කර සිටියේය. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න