වතු කම්කරුවන්ට ස්ථිර ඉඩමක්, නිවසක් හා ස්ථිර ලිපිනයක් ලබා දිය යුතු බවත් එතෙක් ඔවුන්ට ඍජුව ලිපි ලැබෙන තාවකාලික ලිපිනයක් ලබා දිය යුතු බව ඇතුළු වතු කම්කරුවන්ට අතිශය සංවේදී කාරනා කිහිපයක් සම්බන්ධව වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට කඳුකර නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමති පලනි දිගම්බරන් ඊයේ (02) දිනය ලබාදී තිබූ නමුත් අමාත්‍යවරයා එම අවස්ථාව මගහැරිය බව වාර්තා වෙයි.
වතු කම්කරු මධ්‍යස්ථානය ඊයේ (02) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව එල්ල කර සිටි අතර එහිදී මාධ්‍ය අමතමින් වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ‍්‍රී වසන්ත කුමාර අබේකෝන් අන්දහන් කර සිටියේ ඇමතිවරයාගේ එම වගකීම් විරහිත ක‍්‍රියාව පිළිබඳව තමන් දැඩිව අප්‍රසාදය පළකර සිටින බවය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
‘‘මුලින්ම ඇමතිවරයා සාකච්ඡාවට දිනය ලබාදී තිබුණේ අපේ‍්‍රල් 26 වැනිදා. නමුත් 25 වැනිදා කිව්වා, 26 වැනිදා රැස්වීමක් නිසා මැයි දෙවැනිදා - අද - එන්න කියලා. ඒ අනුවයි අපි අද අමාත්‍යාංශයට ගියේ. අද ඇමතිවරයාගේ මහජන දිනය. නමුත් අඩුම තරමේ මේ ප‍්‍රශ්නය සාකච්ඡා කරන්න තමන්ගේ ලේකම්වරයා සම්බන්ධ කරන්නවත් ඇමැතිවරයා වගකීම් සහගත වුණේ නැහැ’’
‘‘දැන් වතු කම්කරුවන්ට ලිපි ලැබෙන්නේ වතු අධිකාරීවරයාගෙන්. ලිපි බෙදන්නේ වතු අධිකාරීවරයා යටතේ. සමහර අත්‍යවශ්‍ය ලිපි ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ නොලැබෙන ලිපි රැකියා පිළිබඳව වෙන්න පුළුවන්. විභාග ප‍්‍රතිඵල පිළිබඳ වෙන්න පුළුවන්. ඒ නිසා වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයක් දිය යුතුයි. වතු අධිකාරීවරයා යටතේ ලිපි බෙදීම වෙනුවට තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලිපි බෙදිය යුතුයි.’’
එම මාධ්‍ය හමුවේදී පලනි දිගම්බරන්, තොණ්ඩමන් වැන්නන් මේ ප‍්‍රශ්නය විසඳීමට කුමක් සිදු කර ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ විට ඊට පිළිතුරු දෙමින් වතු කම්කරු මධ්‍යස්ථානයේ විධායක කමිටු සාමාජික මාක්ස් ප‍්‍රභාගර් මෙසේ පවසා තිබිණ.
‘‘වෘත්තීය සමිති හදන්නේ කම්කරුවන්ගේ වැටුප්, සේවා ස්ථානවල ගැටලූ ඇතුළු වෘත්තීය ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න. නමුත් තොණ්ඩමන්ලා, දිගම්බරන්ලා වතු කම්කරුවන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්න යොදා ගන්නවා මිස ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නේ නෑ. ඉතිහාසය පුරාම අපි දැක්කේ ඒක. හරි වැඩපිළිවෙළක් තියෙනවා නම් ඔවුන්ට ලිපිනයක් සකසා දීම මාස තුනකටත් අඩු කාලයකින් විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක්.’’

