ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවාදය මැයි 10

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවාදය මැයි 10

එළඹෙන මැයි 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් මැයි 10 වනදා එක්දින විවාදයක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ විවාදය එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවට යෝජනා කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වන අතර පක්ෂ නායකයින් ඊට එකඟත්වය පළකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න