රට ගොඩනගන අභියෝගය ඕන වෙලාවක බාරගන්න සූදානම් - නාමල්

රට ගොඩනගන අභියෝගය ඕන වෙලාවක  බාරගන්න සූදානම් - නාමල්

තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බවත් පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරන බව පැවසුවත් නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය පොදුජන පෙරමුණ පමණක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔවුන් මේ වන විට වෙනත් බලවේග සමඟ එකතුව සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා තම කඳවුරේ සිටිය යුතු නායකයෙක් යැයි පෞද්ගලිකව විශ්වාස කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ බලයට ගේන්න අලහප්පෙරුම මහතා විශාල බලවේගයක් නිර්මාණය කළ කෙනෙක් බවත් මන්ත්‍රීවරයා පැවසීය .

එසේම ජී. එල්. පීරිස් මැතිතුමා සමඟත් සාකච්ඡා කරන්න සූදානම් වුවද ඒ මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු සිටින නිසා ඒ පිළිබඳව අනාගතයේ තීරණය කළ යුතු බවත් තමන් අවුරුදු 23 දී දේශපාලනයට එන විට ගොඩක් උපදෙස් දුන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න