Language Switcher

V2025

අලුත් ඇමතිකම එක්ක වීරකුමාර - විමල් මත දෙකක

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක වෙත ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුරයක් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට ජාතික නිදහස් පෙරමුණ තුළ මතුව ඇති අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් රාශියක් එයින් ඉවත්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව ආණ්ඩුවට සම්බන්ධවීමට නියමිතව ඇත.

ඒ පිළිබඳ හඟවමින් අද (04) පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන අදහසට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වා ඇති අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ මාධ්‍ය හමුව සහ වීරකුමාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීම අතර සම්බන්ධයක් ඇති බවය.

අදාළ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වුවහොත් රටට ජයග්‍රහණය අත්කරදීමට හැකියාව තිබෙන බවත් අනිවාර්යයෙන්ම එම එකතුවීම සිදුවිය යුතුය යන ස්ථාවරය පක්ෂ අභ්‍යන්තරයේ අවශ්‍ය තැන්වලදී තමන් මීට පෙරද ප්‍රකාශ කළ බවය.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ මතය ඊට වෙනස් බවත්, එක් එක් පුද්ගලයාගේ දේශපාලනය ස්ථාවරය අනුව විවිධ මත දැරීමේ අයිතිය තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට නොව රටට ජයග්‍රහණ අත්පත් කරදීම ගැන සිතිය යුතු බවත්,රටට ජයග්‍රහණ අත්පත්කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම අවශ්‍ය බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

එසේම බෙදීම හා අඩුකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙකක් නොවන බවත්,එකතුකිරීම හා වැඩිකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙක බව පැවසූ දිසානායක මහතා එම සරල කරුණු ඕනෑම අයෙකුට වැටහෙන බවද පෙන්වා දුන්නේය.

 තවද රටට ජයග්‍රහණ අත්පත්කර දිය හැකි මාර්ගය කුමක්දැයි සියලු දෙනා ගැඹුරින් සිතිය යුතු බවද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අතර ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේද පැවසිය.

“පක්ෂයක් කියන්නෙ මිනිස්සුන්ගේ එකතුවක්.එම පක්ෂයක් ඇතුළෙ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. දේශපාලන පක්ෂවලය හැම අවස්ථාවකදීම අභියෝග තිබෙනවා.එකතුවෙලා සිටියදී විවිධ මතවාද,ප්‍රශ්න ඇතිවෙනවා.අපේ පක්ෂය ඇතුළෙත් විවිධ මතවාදී අරගල විවිධ අවස්ථාවලදී පැනනගිනවා.ඒවා ඉතා බුද්ධිමත්ව සමනය කරගැනීම තමයි අපේ වගකීම විය යුත්තේ.අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ එකතුවෙලා තමයි.නමුත් විවිධ මත ඉදිරිපත්වන අවස්ථා තිබෙනවා.විවිධ මත දරන අය ඉන්නවා, මත තියෙන අය ඉන්නවා*